දුවමු ඉතින් මැරතන්!

ඔන්න ඉතින් තවත් මාසයකට අඩු කාලයක් තමයි මැරතන් එකට තියෙන්නෙ. මොකක්ද දන්නවද මේ මැරතන් එක!. ඒ තමයි “සිංහල බ්‍ලොග් මැරතන්” එක. මමත් ඔන්න විද්‍යාව වියුණ යටතේ මැර්තන් එකට දුවන්නයි කල්පනාව.

ඉස්කෝලෙ යන කාලෙත් මැරතන් දිව්වා. කොහොම හරි යාලුවෙකුගෙ බයිසිකලයක එල්ලිලා මීටර 200 විතර ගිහිල්ලා ;) අන්තිමට, 31 ක් වෙනියට මැරතන් එක ඉවර කරා. මේ මැරතන් එකට බයිසිකලුත් නෑනේ එල්ලෙන්න. ඒ වුනාට කොහොම හරි; වැටි වැටි හරි Finish කරන්නයි උත්සාහය. ඉතින් මගදි වතුර පාරක් ගහලා, පොඩි අප් එකක් දෙන්න ඔයාලා ආවොත් තමයි හොද.

මැරතන් එක තියෙන්නේ “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ” . දිනය අප්‍රේල් 18. වේලාව රාත්‍රී 8.00 ට. වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් දැන ගන්න පුලුවන්. ඉතින් වතුර පාරක් ගහලා, හුරේ පාරක් දාන්න ඔයාලත් එන්න.

~ by Lakmal Warusawithana on March 22, 2008.

Leave a Reply