පරිගණකයයි! නව පරපුරයි!

ඊලඟ පරම්පරාව කොතෙක් ඉක්මනට පරිගණකය ග්‍රහනය කර ගනීද? ඔබ හිතන්නේ මොනවද?

ඉතින් මගේ දෙවන ලිපියෙන් ඒ ගැන යමක් ලියන්න හිතුනා. ඇත්තටම මෙම කතාවේ කථානායක මගේ ලොකු පුතා. ඔහු නමින් ගගන හන්සන වරුසවිතාන. වයස අවුරුදු තුන හමාරයි. මේ ඔහුගේ හපන්කම්!

ඔහු තනියම පරිගණකය boot කරයි. ඉන්පසු මගේ username, password ගසා log වෙයි. (මගේ password එක compromised වී අවසානය ;) ). ඉන්පසු files browse කර ඔහුගේ ප්‍රියතම කාටූනය වන ස්කුබිඩූ බලයි. නැත්නම් firefox විවෘත කර on-line flash games ගසයි. ඔහුගේ ප්‍රියතම වෙබ් අඩවි වනුයේ http://www.gamesgames.com/ හා http://uptoten.com/ . ( මා දැක ඇති හොඳම ළමා වෙබ් අඩවිය uptoten.com යි.) මෙමගින් ඔහු ලබන විනොදය හා දැනුම ඉතා විශාලයි.

dsc00929.jpg

dsc01841.jpg

කිසිම කියා දීමකින් තොරව ( මම කරන දේවල් දෙස බලා ඔහු ඉගෙන ගෙන ඇත), ගගන පුතු, Ubuntu, Debian (with KDE 4) හා sabayonlinux භාවිතා කරයි. ( ඔහු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හදුනන්නේ නැහැ. මොකද, මගේ පරිගණක වල වින්ඩෝස් නැහැ :) ). Touch pad එක මටත් වඩා හොදට හසුරවයි. තනියම shut-down කර පිටව යයි.

ඉතින් තව කුමන කතාද? ඊ ලඟ පරපුරට පරිගණකය හැසිරවීම අපි පොඩි කාලේ TV එක හැසිරුවා වැනිය.

~ by Lakmal Warusawithana on March 11, 2008.

Leave a Reply