පෙබරවාරියට අසාධාරණයක් !!

ඔයාල බලනව ඇති මේ මොකද්ද? කියල. ඇත්තටම මේක මට පොඩි කාලේ තිබුණ ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ තමයි, “ඇයි පෙබරවාරියට දවස් අඩු”. උත්තරේ පස්සෙ මම හොයා ගත්තා. හරි රසවත් උත්තරයක්. ඒක ඔයලටත් දැන ගන්න එක්ක මේකෙ ලියන්නම්.

ඒක මෙහෙමයි. මුලින්ම “මාසය” කියන සංකල්පය ඇති වෙලා තියෙන්නෙ මේ චන්ද්‍රයාගේ ගමන නිසයි. ඔයලා දන්නවනේ අවුරුද්දක් කියන්නේ පෘථිවිය ඉර වටේ යාමට ගන්නා කාලය කියලා. පැරැණ්නන්ට මෙම පෘථිවි ගමනට වඩා ලේසියෙන් චන්ද්‍ර ගමනට යන කාලය මැන ගැනීම ලේසි වුන නිසා, ඔවුන් බෝහෝ විට භාවිතා කළේ චන්ද්‍ර දින දර්ශකයයි (lunar calendar). ඒත් මේ චන්ද්‍ර මාසයක් හරියටම පූර්ණ දවස් වලින් යුක්ත වුනේ නැහැ, මොකද චන්ද්‍රයාට පොළව වටේ යන්න ගත වෙන්නේ දවස් 29, පැය 12, මිනිත්තු 44, තත්පර 2.8 යි. මේ නිසා පැරැණ්නන් දවස් 29 හා 30 මාස ලෙස මාස සකස් කරගත් අතර මේ නිසා ඔවුන්ගේ අවුරුද්දකට දින 354 යි තිබුනෙ.

නමුත් මෙය ඇත්ත සූර්‍ය වසරකට වඩා දින 11.25 අඩු නිසා, ඔවුන්ගේ අස්වනු නෙළන කාලසීමා සැකසීම අසීරු වුනා. මේ නිසා ආදි මිසරයින් චන්ද්‍ර දින දර්ශකය අත්හැර, මාසයකට දින 30 බැගින් යුත් මාස 12ක් හා අවසානයේ දින 5ක් එක් කළ අවුරුද්දක් භාවිතයට ගත්තා. ඔන්න දැන් තමයි අසාධාරණය පටන් ගන්නේ. ඒ කියන්නෙ, පසුව මෙම මිසරයින් අවසානයට එක් කළ දවස් 5, අවුරුද්ද පුරා විහිදෙන ලෙස මාසයකට දින 30 හෝ 31 වන පරිදි , ඒත් පෙබරවාරියට දින 29 වන පරිදිත්, සකස් කළා. ඒත් ජූලි වලට තිබුනෙ දින 30 යි. ඔන්න දෙවැනි අසාධාරණය වුන තැන. 8 වැනි මාසය අගෝස්තු, ඔගස්ටස් සීසර්ට වෙන් වෙලයි තිබුනෙ. ඉතින් ජුලියට් සීසර් රජ වුනාම, එයාට වෙන් වුන මාසයට, එනම් ජූලි වලට දින 30 ක් නිසා, ඒකටත් දින 31 කරලා පෙබරවාරි වලින් තව දිනයක් අඩු කළා. ඉතින් ඔන්න ඔහොම තමයි ඕක වුනේ.

~ by Lakmal Warusawithana on March 7, 2008.

One Response to “පෙබරවාරියට අසාධාරණයක් !!”

  1. ohh wow.. nice story.. thanks! :)

Leave a Reply